මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා

    දෙසැම්බර් 12, 2015

    රටේ ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා.ඉදිරි සති දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට මිල සූත්‍රය ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී  විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛණිජ තෙල්
    සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

     


    ඛනිජ තෙල් සම්පත උපරිම ආකාරයෙන් භාවිත කිරීම සඳහා කැප වී, එම කටයුත්ත ඒ ආකාරයෙන් ම සිදු කරනවා.මෙය ඉතාම සංවේදී අයාතනයක්. ඛනිජ තෙල් මිල අඩු වෙනකොට ඇයි අඩුවෙන්නේ නැත්තේ කියලා අහනවා.පසුගිය වසරේ දෙවරක් තෙල් මිල අඩු කර තිබෙනවා. මේ වසරේ ජනවරි මාසය තුළ තෙල් මිල අඩු කළා. භූමි තෙල් සහනයක් මෙවර අයවැයෙන් ලබාදුන්නා.

     

    රටේ ඉන්ධන මිල තීරණය කරන මිල සූත්‍රයක් හඳුන්වාදීමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා.ඉදිරි සති දෙක ඇතුළත කැබිනට් මණ්ඩලයට මිල සූත්‍රය ඉදිරිපත් කර ලබන වසරේ සියලු ජනතාවට විනිවිද පෙනෙන ආකාරයට මිල දැනගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් අපි සූදානම් කර තිබෙනවා.

    ගෑස් සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා.ඉදිරියේ දී ස්වාභාවික වායු සොයාගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya