මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ විදුලිය ලබාදීමේ ඉලක්කය සියයට සියයක් බවට පරිවර්තනය කිරීමට පියවර

    දෙසැම්බර් 12, 2015

    රටේ විදුලිය ලබාදීමේ ඉලක්කය සියයට සියයක් බවට පරිවර්තනය කිරීමට බලාපොරොත්තු වෙනවා.පැය 24ම කාර්යක්ෂම විදුලි සේවයක් මේ රටේ ජනතාවට සපයා දීමට හා පුනර්ජනනීය බලශක්තියෙන් උපරිම තෘප්තිමත් වූ විදුලි නිෂ්පාදනයක් මේ රටට ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකශ කරයි.


    අමාත්‍යවරයා අද (12) පාර්ලිමේන්තුවේ දී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන
    අමාත්‍යාංශය වැයශීර්ෂය විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.


    ඉතාමත් සුවිශේෂී සංවේදී යටිතල පහසුකම් සපයන අමාත්‍යාංශයක් හැටියට අභියෝග රාශියක් සමඟ ඉදිරියට යන අමාත්‍යාංශයක්.මේ අයවැය ලේඛනය ජනප්‍රියත්වය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනයක් නොවේ.ජනතාවගේ ඉදිරි අවශ්‍යතාවන් ඉදිරි ගමන ගැන සළකා ඉදිරිපත් කළ අයවැය ලේඛනයක්.

    දකුණු ආසියාවේ පැය 24ම විදුලිය දෙන රටක් බව ආඩම්බරයෙන් කියන්න පුළුවන්.දැනටමත් සියයට 98%ක් අපි විදුලිය සපයා
    තිබෙනවා.තවත් විදුලිය නොලද නිවාස එක්ලක්ෂ පනස්දහසක් පමණ තිබෙනවා. මේ සියලු පිරිසටත් ජනවරි 31 වනවිට විදුලිය ලබා දී විදුලිය සියයට සියයක් ලබදුන්නා කියන වාර්තාව තබන්න

     

    ජනාධිපතිතුමාගේ යෝජනාවක් පරිදි සෑම රාජ්‍ය ආයතනයකම විදුලි බලය කළමනාකරණයට සියයට 10%ක විදුලිබලය අඩු කිරීමක්
    කර ඇගයීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂයේ බලාපොරොත්තු වෙනවා, විදුලි බල මණ්ඩලය රුපියල් මිලියන
    පහළොස්දහසක ආදායමක්.

     

    ඉදිරි සැළසුම් සියල්ලේම තිබෙන්නේ,රටේ ඉදිරි විදුලි උත්පාදනයේ වැඩි බරක් පුනර්ජනනීය බලශක්තිය සඳහා ලබාදීමටයි.වසර 2030
    දක්වා වූ විදුලි ජනන වැඩසටහන වඩාත් ක්‍රමාණුකූල කරගැනීම සහ වඩාත් යථාර්තවාදී කරගැනීමේ අභියෝගය අපිට තිබුණා.

     

    නුදුරු අනාගතයේ මෙරටේ විදුලි ජනන වැඩසටහන ප්‍රායෝගික වූ වැඩසටහනක් රටට ඉදිරිපත් කරන්නට අපට හැකියාව ලැබේවි.
    ලබන 17 වැනිදා ජනධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් සේවකයන් 5800න් පළමු 2500 විදුලිබල මණ්ඩලයේ ස්ථීර සේවකයින් බවට පත් කිරීමට අප වාසනවන්ත වී සිටිනවා.ඉතිරි සේවකයන්ටත්  සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


    විදුලිබල මණ්ඩලයේ කිසිම අංශයක් පෞද්ගලිකකරණය කිරීමේ අවශ්‍යතාවක් පැනනඟින්නේ නෑ.ඉදිරියේ දී විදුලි ජනන පද්ධතිය
    සකස් කිරීමේ දී පෞද්ගලික අංශය දේශියව හා ජාත්‍යන්තරව ඔවුන්ගේ හැකියාව එකතුකර ගැනීමට, සැළසුම් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya