පාරිසරික සමතුලිතතාවයට දැඩි සේ හානිකරනු ලබන අධික ශබ්ද සහිත වාහන පරික්ෂා කිරීමේ වැඩසටහනක් ජනවාරි මස 18 වන දින පෙ.ව 9 සිට ප.ව 2 දක්වා ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කොට ඇත.
පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් ඉඩම් හඳුනාගෙන ඇති බවත්, ඉතාමත් ඉක්මණින්ම අදාල ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
2016 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14)කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික් තෛපොංගල් සැමරුම දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විනි