ගුණ නැණ බල සපිරි සිසු පරපුරක් ගොඩනැගීම සඳහා වන කේන්ද්‍රීය සුපිරි පාසල් පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ 'ළඟම පාසල හොඳම පාසල' ජාතික වැඩසටහන (2016-2020) ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.
'මතින් නිදහස් රටක්' ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොටගනිමින් පැවති සිව්වන ජාතික වැඩසටහනේ සමාප්ති උත්සවය ජනවාරි(19) පැවැත්වෙන බව ජනාධිපති කිර්යාලය නිවේදනය කරයි.
සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින්, ගරු කරමින් සමඟියෙන්, සහජීවනයෙන් ජීවත් වන්නට අවැසි වටපිටාව ගොඩනැගෙමින් පවතින අවස්ථාවක, තෛපොංගල් උත්සවය සමානාත්මතාවයට ගරු කරන, කෘතවේදීත්වය අගයන දිවි පෙවෙතක් ගත කරන්නට අප සැමට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.