ප්රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ සහ ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් අද (14) සහ 16 වැනිදා අම්පාර හා දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ දී සංවර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය නිවේදනය කරයි.
රණවිරුවන් වෙනුවෙන් විරුසර වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කිරීමේ උත්සවය ජනවාරී 25 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.
ජාතික තෛපොංගල් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එක රැයකින් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට කිසිවකක් ප්‍රකාශ නොකළ විපක්ෂයේ පිරිස් අද හැසිරෙන්නේ තොත්ත බබාලා වගේ යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාතලේ දි පැවසිය.