සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ළඟම පාසල හොඳම පාසල' ජාතික වැඩසටහනෙන් පාසල් 650ක් සංවර්ධනයට

    ජනවාරි 15, 2016

    ගුණ නැණ බල සපිරි සිසු පරපුරක් ගොඩනැගීම සඳහා වන කේන්ද්‍රීය සුපිරි පාසල් පද්ධතියක් ප්‍රතිනිර්මාණය කිරම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ 'ළඟම පාසල හොඳම පාසල' ජාතික වැඩසටහන (2016-2020) ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

    අධ්‍යාපනය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව ඉහළ නැංවීමේ ක්‍රියාවලිය සඳහා 'ගුණ නැණ බලයෙන් පොහොසත් නිර්මාණාත්මක හා සෞන්දර්යාත්මක චින්තනයෙන් යුත් මානව හිතවාදී දරුවෙකු ගොඩනැඟීම උදෙසා, සැමට අධ්‍යාපනයේ සම අවස්ථා ලබාදීම' යන තේමාවෙන් යුත් රජයේ පංචවිධ අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාෂණයේ අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම කර ඇත.

     

    එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පාසල් 1ක් හෝ 2ක් තෝරාගෙන පාසල් 650ක් මෙම වැඩසටහන යටතේ සංවර්ධනය කෙරේ.

     

    තෝරාගත් පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් සඳහා දේශීය හා විදේශීය පුහුණුව ලබාදී ඔවුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමටත් මෙහි දී අරමුණු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya