රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වුවත් නව රජයේ වැඩපිළිවෙලට අද සමස්ත ලෝකයේම ආශිර්වාදය හිමිව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් ආශ්රිත සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය විසින් පසුගිය දා විවෘත කරනු ලැබුවාය.
අම්පාර, හාර්ඩි උසස් තාක්ෂණ ආයතනයට අහිමි වූ ඉංජිනේරු විෂයන් හා පාඨමාලාවන් යළි එම ආයතනය වෙත ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය- යන්ත්‍ර සහයක III ශ්‍රේණියේ තනතුර සඳහා බඳවා ගැනීමේ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය අද (18), හෙට (19), 21 සහ 22 යන දිනයන් තුළ ද කොළඹ දී පමණක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.