නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කළයුත්තේ රට වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරිමයි – ජනපති

    ජනවාරි 18, 2016

    රට අභ්‍යන්තරයේ කුමන විවේචන එල්ල වුවත් නව රජයේ වැඩපිළිවෙලට අද සමස්ත ලෝකයේම ආශිර්වාදය හිමිව තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

    එබැවින් අද කළයුත්තේ දේශපාලන අවස්ථාවාදින්ගේ විවේචනවලට පිළිතුරු දෙමින් සිටීම නොව රටත්, ජනතාවත් වෙනුවෙන් භාරගත් වැඩකොටස නිසි ලෙස ඉටු කිරීම බවද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ මාර්ග සංවර්ධන කටයුතුවල සමාරම්භය සනිටුහන් කරමින් පොළොන්නරුව නගරයේ වටරවුම් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු  (17)දින පෙරවරුවේ ආරම්භ කරමිනි.

    ‘පිබිදෙමු පොළොන්නරුව’ පස් අවුරුදු දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කෙරිණි.


    අද ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අත හිත ලබාදීමට ජාත්‍යන්තරයේ ඇත්තේ තරගකාරිත්වයක් බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා, ශී‍්‍ර ලංකා රජයේ යහපත් රාජ්‍ය පාලනය සහ මැදිහත් විදේශ පිළිවෙත ඊට ඉවහල් වී ඇති බවද කියා සිටියේය.

     

    තම රජය අනුගමනය කරන නිවැරුදි විදේශ ප‍්‍රතිපත්තී හේතුවෙන් අද සියලූ රටවල අවධානය ශී‍්‍ර ලංකාව කෙරෙහි යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිතුමා වසර 43 කට පසුව ජර්මනියේ නිල සංචාරයක් සඳහා මෙරට රාජ්‍ය නායකයෙකුට ලැබුණු පළමු නිල ආරාධනය සනිටුහන් කරමින් ලබන මස ජර්මනියේ නිල සංචාරයක් සදහා තමාට ඇරයුම් ලැබී ඇති බවද කියා සිටියේය.

     

    තවද ලෝකයේ දියුණු රටවල් රැසක නිල සංචාර සදහා ඇරයුම් ලැබී ඇති අතර පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද එම ආරාධනා සියල්ල ලැබුණේ තම ඉල්ලීම අනුව නොව එම රටවල රාජ්‍ය නායකයින්ගේ මිත‍්‍රත්වය නිසා බවද කියා සිටියේය.

     

    මෙම සියලූ මිත‍්‍ර රාජ්‍යවල සහාය ඇතිව 2016 වසර ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයේ පරිවර්තනීය ආරම්භයක් සනිටුහන් කරන වසර බවට පත් කරමින් සංවර්ධන වැඩසටහන් රැුසක් අරඹන බවද ජනාධිපතිතුමා පැවසීය.

     

    සංවර්ධනය කිසිදු දිස්ති‍්‍රක්කයක ගබඩා නොකළ යුතු බවත්, එය සාධාරණ සහ සමබර ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිතුමා සංවර්ධනයේ දෑත සියලූදෙනාට සාධාරණ ලෙස දිගු කිරීම දේශපාලනඥයින්ගේද වගකීමක් බව කියා සිටියේය.

     

    රටේ අනෙකුත් දිස්ති‍්‍රක්ක සංවර්ධනයෙන් ඉදිරියට යන විට පොළොන්නරුව දිස්ති‍්‍රක්කයද ඒ හා සමගාමීව ඉදිරියට ගෙන යාම එහි ජනතා නියෝජිතයෙකු ලෙස තම වගකීම බව මෙහිදි පැවසූ ජනාධිපතිතුමා එදා තමා මන්ත‍්‍රිවරයෙකු, ඇමතිවරයෙකු ලෙස පොළොන්නරුව ජනතාවගේ ගැටලූවලට විසදුම් ඉල්ලා ලිපි සිය ගණක් ලියූ බවත් එදා මෙදාතුර එම ජනතාවට සිදුවූ අසාධාරණය නිවරැුදි කිරීමට කැපවී කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළේය.

     

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුලු ජනතා නියෝජිතයින් ද රාජ්‍ය නිලධාරිහු සහ ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya