මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය තෛපොංගල් සැමරුම උත්කර්ෂවත්ව

    ජනවාරි 15, 2016

    නුවරඑළිය දිස්ත්‍රික් තෛපොංගල් සැමරුම දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්විනි


    මිනිස් දිවියට අත්‍යාවශ්‍ය වන ආහාර වැඩිමනක්ම ලැඛෙන්නේ කෘෂිකර්මාන්තය හෙවත් ගොවිතැනෙනි. මිනිසාට ගොවිතැන් කිරීමට ප්‍රධාන ලෙස මහෝපකාරී වන සුර්යා නොහොත් හිරු දෙවි නැමදීම තෛයිපොංගල් උත්සවයේ ප්‍රධානතම ආගමික චාරිත්‍රය වේ.

    තෛපොංගල් දිනයෙන් ඇරඹෙන නව කාලවකවානුව තුල නිරෝගීභාවය, ආර්ථීක දියුණුව, සාමය, සමගිය ඇති වී ස්වභාවික අපල උපද්‍රව වලින් තොර කාලවකවානුවක් උදාවේවා යි යන දිස්ත්‍රික් ලේකම්තුමිය ප්‍රමුඛ කාර්යමණ්ඩලය මෙම උත්සවයෙදි සාමුහික ප්‍රාර්ථනා කළහ.

    මෙහිදි අළුත් සහල් ගෙන කිරි උතුරවා පැණි මිශ්‍ර කර සාදන නැවුම් කිරි බතින් ( පොන්ගල් බත් ) හිරු දෙවි වන්දනාව ආරම්භර විශේෂ දේව පුජාවක් පැවැත්වීම සිදුවිය.

    මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් මල්ලිකා අමරසේකර, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම් හා සංවර්ධන) පි.ඒ. සරත් චන්ද්‍ර, යන මහත්ම මහත්මින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya