සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරදේවයන්ගේ සංගීත අසපුව ඉදිකිරීමේ ඉඩම් නිරීක්ෂණය ලබන සතියේ

    ජනවාරි 16, 2016

    පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා ​​​පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් ඉඩම් හඳුනාගෙන ඇති බවත්, ඉතාමත් ඉක්මණින්ම අදාල ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලාකරුවෙකු බිහිකරන තෝතැන්නක් වියයුතු බවත්, එය කලන නිකේතනයක් ලෙසට සියලු අංගවලින් සමන්විත පූර්ණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් ලෙසින්ද හැදින්විය හැකි පරිසරයක් විය යුතු බව මෙම විශේෂ සාකච්ඡාවට සහභාගී වූ ප‍්‍රවීණ රංගධර ආචාර්ය කෝලිත භානු මහතා පැවසීය.

     

    අදාළ කාර්යය පිළිබදව පණ්ඩිත් අමරදේවයන්ගේ ද අදහස් ලබාගත් යුතු බවත්, අවශ්‍ය භූමිය නිවැරදිව තෝරාගත් පසු පණ්ඩිත් අමරදේව ශූරින්ට එම භූමිය පෙන්වීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙහිදී යෝජන විය.

     


    පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මෙම සාකච්ඡාවට විමලා අමරදේව, රංජන අමරදේව ඇතුළුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහත්වරු සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya