2013/2014 වර්ෂවල ජාතික ඵලතායිතා සම්මාන උලෙළේ දී ඇගයීමට ලක් වූ මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙහෙය වූ ග්‍රාම නිලධාරී කාර්යාල තරඟයේ (2014/2015) ජයග්‍රාහකයන්ට සම්මාන හා සහතික පත්‍ර ප්රදානෝත්සවය අද (26) උදෑසන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස ක්‍රමයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම, මැතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනාටම අභියෝගයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 'ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමන' අද (25) උදෑසන නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීණි.