අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම්ලාභී පවුල් වෙත සිමෙන්ති බෙදා දෙයි

    ජනවාරි 25, 2016
    ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 96ක් වෙත සිමෙන්ති කොට්ට 960ක් බෙදාදීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    අඩු ආදායම්ලාභී නිවාස 25000ක් වෙත කපරාරු තවරා නොමැති බිත්ති කපරාරු තැවරීම සදහා සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකව තිබේ.  
     
    මෙම වැඩසටහනේ තවත් පියවරක් ලෙස බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි  අඩු ආදායම්ලාභි  පවුල් වෙත සිමෙන්ති බෙදාදීම ද සිදුවිණි.
     
    මෙහිදී අඩු ආදායම්ලාභි පවුලක් වෙත සිමෙන්ති කොට්ට 10ක් බැඟින් හිමිවූ අතර මෙම වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය  සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya