ශ්‍රී ලංකාවේදී විදේශිකයින් සඳහා සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු සහගත තත්ත්වය නිසා ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ සංයුතිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සංශෝධනය කර ඇත.
ශ්‍රී ලංකාව සමඟා තාක්ෂණ ගිවිසුමකට එළැඹිමට තමන් අපේක්ෂා කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත දන්වා සිටියේය.