ස්විට්සර්ලන්තයේ, ඩවෝස් නුවර පැවැත්වෙන 2016 - ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝක ආර්ථික සමුළුවේ නිර්මාතෘ සහ විධායක ප්‍රධානී මහාචාර්ය ක්ලවුස් ස්වැබ් මහතා හමුවී ද්විපාර්වික සාකච්ඡා පැවැත්වීය.
ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සදහා දොරගුළු විවර කරමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් ගාල්ල නව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණය සදහා මුල්ගල තැබීම ගාල්ල දඩල්ල ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ එච්.එම්.එම්.හරිස් මහතාගේ
සහභාගීත්වයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද 23 වන දින පෙ.ව. 10.30 ට සිදුකෙරේ.
''රටම එළියයි අදුර දුරලයි'' ජාතික විදුලි සත්කාරක වැඩසටහන යටතේ පුත්තලම මොහොත්තුවාරම දූපත්වාසී ධීවර ප්‍රජාව වෙත රුපියල් මිලියන දහයක් වටිනා සූර්ය විදුලිබල පද්ධති ප්රදානය කෙරේ.
වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකීය වෛද්‍යවරු 06 ක් සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය කළ අනාවරණය පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ති‍්‍රපුද්ගල විමර්ශණ කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.