අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල නව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණයට මුල්ගල තැබේ

    ජනවාරි 23, 2016

    ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ සදහා දොරගුළු විවර කරමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් ගාල්ල නව දිස්ත්‍රික් ක්‍රීඩා සංකීරණය සදහා මුල්ගල තැබීම ගාල්ල දඩල්ල ක්‍රීඩාංගන පරිශ්‍රයේදී ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ එච්.එම්.එම්.හරිස් මහතාගේ
    සහභාගීත්වයෙන් ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද 23 වන දින පෙ.ව. 10.30 ට සිදුකෙරේ.



    එම අවස්ථාවට ගරු දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගරු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය, ගරු වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා, ගරු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා, ගරු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා, ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, ගරු ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya