ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) රාත්‍රියේ ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.
ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියක් ජනවාරී 25 සිට 30 දක්වා ප්‍රකාශයට පත් කොට රට පුරා ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
“වෙල්ලස්ස නවෝදය'' කඩිනම් වාරිමාර්ග සංවර්ධන ව්‍යාපෘතිය, 2016-2019 දක්වා වසර හතරක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතියට හිමිව තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් මුහුණ දෙන ගැටලුවලට පිළියම් යෙදීම පිණිස 2016 වර්ෂයෙන් ආරම්භ වන ''සය අවුරුදු'' වාරිමාර්ග වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව යෝජනා කොට ඇත.