අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍පො‍ළොන්නරුව වාරි ව්‍යාපාර සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

    ජනවාරි 21, 2016

    පො‍ළොන්නරුව දිස්ත්‍රික්ක‍යේ ‍ගොවීන් මුහුණ ‍දෙන ‍ගැටලුවලට පිළියම් යෙදීම පිණිස 2016 වර්ෂ‍‍යෙන් ආරම්භ වන ''සය අවුරුදු'' වාරිමාර්ග වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට වාරිමාර්ග ‍දෙපාර්ත‍මේන්තුව ‍යෝජනා ‍කොට ඇත.

    පො‍ළොන්නරුව දිස්‍ත්‍රික්කය ශ්‍රී ලංකා‍වේ වී වගා කරන විශාලතම ප්‍රදේශයකි. එම දිස්ත්‍රික්කය තුළ අක්කර 80,000කට අධික භූමී ප්‍රමාණයක වී වගා කරනු ලැ‍බේ. මෑත කාලීනව අති වූ ගංවතුර සහ දිගුකල් පවත්නා නියඟ වැනි තත්ත්වයන් ‍හේතු‍වෙන් දිස්ත්‍රික්කය තුළ වී වගාව පසු බෑමට ලක් විය.


    ඊට පිළියමක් ලෙස කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශ‍යෙන් අදියර තුනක් යට‍තේ 2016 සිට 2021 දක්වා වසර හයක කාලය තුළ රුපියල් බිලියන 7ක ඇස්ත‍මේන්තු ගත ආ‍යෝජනයකින් එම සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි ‍සොයිසා මහතා විසින් ඉදිරිපත් කළ ‍යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya