මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියට කැබිනට් අනුමැතිය

    ජනවාරි 21, 2016

    ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතියක් ජනවාරී 25 සිට 30 දක්වා ප්‍රකාශයට පත් ‍කොට රට පුරා ක්‍රියාත්මක කිරීම පිණිස ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජය‍සේකර මහතා ඉදිරිපත් කළ ‍යෝජනාවට අමාත්‍ය මණ්ඩල‍යේ අනුමැතිය හිමි විය.

    ශ්‍රී ලංකා‍වේ දරුවන් අතරින් ක්‍රීඩාවට සම්බන්ධ වන්‍‍නේ 25%කී. උසස් අධ්‍යාපනයට ‍යොමු වන විට එම ප්‍රමාණය සියයට 8% ටත් වඩා අඩු මට්ටමකට පත්ව ඇතැයි හෙළිවී ඇත.

    එහි ප්‍රතිඵලයක් ‍ලෙස වැරදි ආහාර පුරුදු, මත්ද්‍රව්‍ය හා දුම්පානය ආදී ‍හේතු මත ‍බෝ ‍නොවන ‍රෝගවලට ‍ගොදුරු වන ප්‍රතිශතය ඉහළ ‍ගොස් ති‍බේ. අවුරුදු 65ට අඩු පුද්ගල මරණ වලින් 68%ක් ‍බෝ ‍නොවන ‍රෝගවලින් සිදුවන මරණයි.

    ඒ අනුව සමස්ත ප්‍රජාව තුළ ක්‍රීඩාව හා ශාරීරික සුවතාව ප්‍රචලිත කිරී‍මේ අරමුණින්, අදාළ අමාත්‍යංශ හා සියලුම පළාත් සභා   එක්ව පහත සඳහන් පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

     

    ජනවාරී 25 සඳුදා   -        රාජ්‍ය හා රාජ්‍ය ‍සේවා ක්‍ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
    ජනවාරී 26 අඟහරුවාදා -  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා මහාමාර්ග, ‍යෞවන හා වනිතා කටයුතු ක්‍ෂේත්‍රවල ක්‍රීඩා හා                                ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
    ජනවාරී 27 බදාදා - ‍        සෞඛ්‍ය, ‍පෝෂණ හා ‍දේශීය ‍‍වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
    ජනවාරී 28 බ්‍රහස්පතින්දා - ආරක්ෂක ‍සේව හා ‍පෞද්ගලික ව්‍යවසාය ක්‍ෂේත්‍රවල ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
    ජනවාරී 29 සිකුරාදා -      ක්‍රීඩා සංවිධාන, ක්‍රීඩා සංගම් හා සම්මේලන සඳහා ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය
    ජනවාරී 30 ‍සෙනසුරාදා -  ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන වි‍ශේෂ දිනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya