ශ්‍රී ලංකා සුමෝ සංගමය හා කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන කගාමි බිරාකි සංස්කෘතික උත්සවය අද (23)පෙ.ව.10.30 ට කොළඹ බ්‍රිස්ටල් වීදියේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව වසර දහස් ගණනාවක් තිස්සේ ආසියාවේ වෙළඳ හා ආර්ථික කේන්ද්‍රය ලෙස කීර්තියක් දිනා සිටි බවත්, යළිත් ඒ අතීත ශ්‍රී විභූතිය ශ්‍රී ලංකාවට දිනා දීම සඳහා රජය විසින් විධිමත් හා ක්‍රමවත් ආර්ථික සැකසුමක් දියත් කරමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මැතිතුමා අවධාරණය කළේය.
ලක්වාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ පොහෝ දිනයක් වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අද (23) ට යෙදී තිබේ.
ස්විට්සර්ලන්තයේ, ඩවෝස් නුවර පැවැත්වෙන 2016 - ලෝක ආර්ථික සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තුර්කි අග්‍රාමාත්‍ය අහමද් දාවූටොග්ලූ මහතා හමුවී ද්විපාර්වික සාකච්ඡා පැවැත්වීය.