අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්වැසියන් බුදුදහ‍මේ පහස ලැබූ දුරුතු පෝය අදයි

    ජනවාරි 23, 2016

    ලක්‌වාසී බෞද්ධ ජනතාවට සුවිශේෂී වූ ‍පො‍‍හෝ දිනයක් වන දුරුතු පුර පසළොස්‌වක පොහෝ දිනය අද (23) ට යෙදී තිබේ.

    ශ්‍රී ‍ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වූ‍යේ අද වැනි දුරුතු පුන් ‍පො‍හෝ දිනයක දීය. එම ගමනේ දී සුමන සමන් දෙවියන්ට කේශ ධාතු පිළිගැන්වීම, යක්‌ෂ හා නාග ගෝත්‍රිකයන් අතර  පැවැති අරගල දුරලා සමගිය ඇති කරලීම, යක්‌ෂ ගෝත්‍රිකයන් ගිරි දිවයිනට පලවා හැර මහියංගනය බුදු පහස ලද ශුද්ධ භූමියක්‌ බවට
    පත් කිරීම යන සුවි‍ශේෂී සිදුවීම් අදවැනි පොහොය දිනක සිදුව තිබේ.

     

    බුදු රජාණන්වහන්‍‍සේ මුල්වරට උරුවෙල් දනව්වට වැඩම කොට තුන් බෑ ජටිලයන් දමනය කරලීම ද දුරුතු පොහෝ දින වූ තවත් සුවිශේෂී සිදුවීමකි. බුදුන් වහන්සේගේ ලංකා ගමනයේ දී වැඩම කළ ඓතිහාසික කැලණි රජ මහ විහාරස්‌ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දුරුතු මහා පෙරහැර ද ඊයෙ (22) රාත්‍රි වීථි සංචාරය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya