පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ක්‍රියාවට නැංවෙන පා ගමන ජනවාරි 25 දින පෙ.ව 7.30 නිදහස් චතුරස්රයේ දී ආරම්භ වීමට නියමිතය.
ව්‍යවස්ථානුකූලවම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට අප ක්‍රියා කරනවා.ආණ්ඩු වෙනස් වුණත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමටත් අප මේ අවස්ථාව උපයෝගී කරගන්නවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විදෙස් මාධ්‍යවෙත ප්‍රකාශ කරයි.
අම්පාර බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැයට කිරුළ වැඩසටහන මගින් වෙන් කළ මුදල්වලට සිදු වූ දේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය සහ අම්පාර (දිගාමඩුල්ල) දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති දයා ගමගේ මහතා පවසයි.