ස්විට්සර්ලන්තයේ, ඩවොස් නුවර පැවැත්වෙන 2016 - ලෝක ආර්ථික සමුළුව අතරතුර 20 දින පැවැති ප්රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැක්වූ අදහස් මෙසේය.
ශ්‍රී ලංකාව තුළ අලූත් වාතාවරණයක් මේ වන විට උදා වී තිබෙනවා. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී යහපාලන ආණ්ඩුවක් පිහිටුවා ගත්තා. දකුණු ආසියාවේ රටවල් අතර ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වී රට පාලනය කරන එකම රට ශ්‍රී ලංකාවයි. මෙය අපට ලැබුණු විශිෂ්ඨ අවස්ථාවක්. යහපාලන ආණ්ඩුව කෙටි කාලයක් තුළ දී ජනතා ප්‍රශ්න රැසකට සාර්ථක විසදුම් ලබා දී තිබෙනවා. වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසන් කොට ප්රජාතන්ත්රවාදයේ අරුණලූ උදා කර ගන්නට නව ආණ්ඩුව යටතේ සමත් වී තිබෙනවා.
යුද්ධය හේතුවෙන් අවතැන්වූ උතුරු - නැගෙනහිර ජනතාව නැවත පදිංචි කිරීමත්, සංහිදියාව පිළිබඳ ක්‍රියාවලියත් සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටිනවා. රටට අවශ්‍ය ආර්ථික වෙනස්කම්මෙන්ම දේශපාලන වශයෙන් වූ වෙනස්කම් කිහිපයක් ද ඇති කළා.
ඒ වගේම ව්‍යවස්ථානුකූලවම ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට ද අප ක්‍රියා කරනවා. ආණ්ඩු
වෙනස් වුණත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමටත් අප මේ අවස්ථාව උපයෝගී කරගන්නවා.
එම මාධ්‍ය හමුවේදී ජාත්‍යන්තර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කර ගන්නා ගිවිසුම ගැන අපට කරුණු පැහැදිලි කරනවාද?
පිළිතුර -අපි මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින්නේ. ගෝලීය ආර්ථික ගැටලූ හමුවේ ගත යුතු පියවර පිළිබඳව අප දැන් සිටම සූදානම් විය යුතුයි. මේ නිසා එවැනි අර්බුදකාරී අවස්ථාවකට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ අප ගැඹුරින් සලකා බලනවා. ඒ අනුවයි අප මේ ගිවිසුම සකස් කරන්නට බලාපොරොත්තුවෙන්නේ
ප්රශ්නය - දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන්නේ කෙසේද?
පිළිතුර - අප මේ සම්බන්ධයෙන් දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන අතර නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ද ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. දෙමළ ජනතාව සතුව තිබූ ඉඩම් යළිත් එම ඉඩම්වල මුල් අයිතිකරුවන් සොයා ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය තුළ නැවත පදිංචි වන ජනතාවට අවශ්‍ය පහසුකම් රජය ලබා දී තිබෙනවා. ඒ වගේම පොලිසියට දෙමළ ජනතාව බඳවා ගැනීමටත් අප දැන් ක්‍රියාකරනවා.අපි සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන්.
ප්රශ්නය - දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ගන්නා පියවරකුමක්ද?
පිළිතුර - දෙමළ දේශපාලන සිරකරුවන් කියා හෝ සිංහල දේශපාලන සිරකරුවන් කියා හෝ කොටසක් ශ්‍රී ලංකාවේ නැහැග අත්අඩංගුවට ගනු ලැබූල චෝදනා නැති පිරිස් බොහෝ දෙනෙක් නිදහස් කර තිබෙනවා.
ප්රශ්නය -සංවර්ධනය වෙමින් තිබෙන රටක් ලෙස ඔබ හමුවේ තිබෙන අභියෝග මොනවාද?එමෙන්ම චීනය ශ්‍රී ලංකාව තුළ සිදුකරන්නා වූ භඣමිකාව කුමක්ද?
පිළිතුර - චීනය ලෝකයේ විශාලතම ආර්ථිකයක් සහිත රටක්ගගග ඔවුන් ලෝක ආර්ථිකයේ ප්‍රබල භූමිකාවක් නියෝජනය කරනවාග ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා විශාල මුදලක් වැය කර තිබෙනවාග චීනයේ ප්‍රධාන ව්‍යාපාති කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙනවාග ඒ යටතේ හම්බන්තොට වරාය ආශ්රිත සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරාය නගරය ඉදිකිරීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුවේ මුදලින් සිදුකරන ව්‍යාපෘති සඳහා චීනය මෙතෙක් වැඩි වශයෙන් සම්බන්ධ වී තියෙනවා. නමුත් අප බලාපොරොත්තු වෙන්නේ චීන ආයෝජන ලබාගන්නයි. අපේ අරමුණ වැඩි වැඩියෙන් විදේශ ආයෝජන ලබා ගැනීමයි. ලෝකයේ සියලු රටවලින් ආයෝජන ලබා ගෙන ශ්‍රී ලංකාව ඉහළට එසැවීම අපේ බලාපොරොත්තුවයි.
ප්රශ්නය - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් තරග පාවා දුන්නා යැයි චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ රජය ගන්නා පියවර මොනවාද?
පිළිතුර - ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් එල්ල වී තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි පුළුල් පරීක්ෂණයක් කරනවා. රටකට යම් චෝදනාවක් එල්ල වෙනවා නම්, විනිවිදව හා විවෘතව ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ තුළින් රටේ හා ක්‍රීඩකයන්ගේ පිරිසිදුභාවය ඔප්පු කළ හැකියි. මෙය ක්‍රීඩකයාටත්,ක්‍රීඩාලෝලීන්ටත්,රටටත් කීර්තියක් ඇති කරන්නක් වේවි.