මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතාට ජනපති අවසන් බුහුමන් දක්වයි

    ජනවාරි 21, 2016

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකු වූ අභාවප‍්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ දේහයට අවසන් බුහුමන් දක්වන්නට ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (20) රාත‍්‍රියේ ගම්පහ පල්ලිය පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට ගියේය.

    ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  පසුගියදා (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.

    1947 මාර්තු 6 වැනිදා උපත ලද ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් විය. 2014 වසරේ මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් දරමින් සිට ඉන් ඉවත්වී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනපති ලෙස පත්කරගැනීමේ සටනට පිවිසීමෙන් පසු බිහිවූ නව රජයේ ඇමැතිවරයකු ද වූ ගුණවර්ධන මහතා 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

    ජනාධිපතිතුමා සමග ජයන්ති සිරිසේන මැතිණියද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya