උත්සවයට සහභාගීවෙමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ එළඹෙන අපේ‍්‍රල් මාසය අවසන් වීමට පෙර මුළු රටම විදුලියෙන් ආලෝකමත් කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
"රටේ ජනතාවගෙන් 98% කට අපි පසුගිය අවුරුද්ද වන විට විදුලිය ලබා දී තිබුණා. ඒ අනුව අපිට විදුලිය ලබාදීමට තිබුණේ තවත් සියයට දෙකක කොටසකට පමණයි. නමුත් ඒ දෙක තමයි අමාරුම දෙක. එයට හේතුව මෙම කණ්ඩායමට විදුලිය ලබාදීමේදී, ඒ අය තුළ පවතින කැමැත්ත, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට
තිබෙන හැකියාව, පාරිසරික සාධක, ජීවන මට්ටම, ආදී විවිධ හේතූන් රාශියක් බලපානවා. නමුත් මේ කිසිදු අභියෝගයකට පසුගාමී නොවී අපේ ඉලක්කය කරා යාමට අපි කටයුතු කරනවා.
මතු පිටින් බලන ඹ්නෑම කෙනෙකුට ඉතුරු සියයට දෙකට විදුලිය ලබාදීම ඉතාම සරල කාර්යක් විදියට පේන්න පුළුවන්. නමුත් මේ දෙක තමයි අමාරුම දෙක" යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, සහ ප්‍රදේශවාසී විශාල පිරිසක් සහභාගී වි සිටියහ.