නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “හල්ලොලුව - දොඩම්වල” පාලමේ ඉදි කිරීම් ඇරඹෙයි.

    ජනවාරි 22, 2016

    මහනුවර දොඩම්වල හා හල්ලොලුව ප්‍රදේශ යා කෙරෙමින් ඉදිවන නව පාලමේ ඉදිකිරීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.


    බ්‍රිතාන්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය පාලම් ව්‍යාපෘතිය යටතේ මහනුවර ආසනයේ දොඩම්වල සහ හාරිස්පත්තුව ආසනයේ හල්ලොලුව ප්‍රදේශ යා කෙරෙමින් මෙම නව පාලම ඉදි කිරීමට නියමිතයි. මීටර් 105 ක දිගින් යුතු මෙම පාලම මංතීරු දෙකකින් යුතු වන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 374කි. මාස 12 ක කාලයක් තුල ඉදි කිරීම්
    අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවාව සහ අධීක්ෂණය මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරනු ලබයි.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ වන විටත් මහනුවර නගරය සංවර්ධනය කරන්න ජපාන රජය සම්පූර්ණයෙන්ම ආයෝජනය කරන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට ඉඩම් පවරා ගැනීම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා. කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු එළඹෙන මැයි මාසයේ ආරම්භ කරන බවද පැවසීය.

    මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලුකුමර්, ලකී ජයවර්ධන යන මහත්වරුන්, අමාත්‍ය පෞද්ගලික ලේකම් චමින්ද්‍රානී කිරිඇල්ල, මහනුවර නගරාධිපති සේන දිසානායක, නාගරික මන්ත්‍රී රාජා පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු
    නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya