මෙහි දී තෝරාගත් අති දුෂ්කර පාසල් කිහිපයක සිසු දරුවන් සඳහා ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබාදීම තැපැල් මහතුන් සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් සිදු වේ.
බදුල්ල නිකපොත මහා විද්‍යාලය, කුමාරතැන්න විද්‍යාලය හා මොරකැටිය මහා විද්‍යාලය යන පාසල් සඳහා රුපියල් ලක්ෂ 25කට අධික අධ්‍යාපනික උපකරණ, ශිෂ්‍ය පොදු අවශ්‍යතා, පුස්තකාල පොත්, ක්‍රීඩා භාණ්ඩ හා සංගීත භාණ්ඩ ඇතුළු විවිධ අවශ්‍යතා මෙහි දී ද්‍රව්‍යමය පරිත්‍යාග වශයෙන් ලබා දීම සිදුවේ.
මෙම අවස්ථාවට තැපැල්පති තුමා, නියෝජ්‍ය තැපැල්පතිවරු, බදුල්ල සහකාර මැතිවරණ කොමසාරිස්, බදුල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ෙල්කම්තුමිය, කොට්ඨාස හා කලාප අධ්‍යාපන අධ්යක්ෂ, පාසල් සිසු දරුවන් හා දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.
AP