අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු සිද්ධිය සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

    ජනවාරි 23, 2016

    වකුගඩු ජාවාරමකට ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරු 06 ක් සම්බන්ධ බවට ඉන්දීය පොලීසිය කළ අනාවරණය පිළිබද සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ති‍්‍රපුද්ගල විමර්ශණ කමිටුවක් පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


    ති‍්‍රපුද්ගල විමර්ශණ කමිටුව සඳහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න මහත්මිය, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශණ අංශයේ ජේෂ්ඨ නිලධාරියෙකුගෙන් එම ති‍්‍රපුුද්ගල කමිටුව සමන්විත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

     

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම ති‍්‍රපුද්ගල කමිටුව පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya