නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සමග තාක්‍ෂණ ගිවිසුමකට එළැඹිමට තමන් අපේක්‍ෂා කරනවා-මයික්‍රොසොෆ්ට් සභාපති Featured

    ජනවාරි 24, 2016

    ශ්‍රී ලංකාව සමඟා තාක්‍ෂණ ගිවිසුමකට එළැඹිමට තමන් අපේක්‍ෂා කරන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් ෆිලිප් කෝටිෂ් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත දන්වා සිටියේය.

    මෙම ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය පිණිස නව පරම්පරාවේ තාක්‍ෂණය හඳුන්වාදීමටත්, තොරතුරු තාක්‍ෂණ, අධ්‍යාපන හා සමාජ ආරක්‍ෂණ ක්ෂේත්‍රයන් ඩිජිටල්කරණය කිරීම සදහා පූර්ණ සහයෝගය ලබා දීමටත් ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

    මේ පිළිබඳව කරුණු අධීක්‍ෂණය කිරීමට විශේෂඥ කණ්ඩායමක් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවට එවීමට මයික්‍රොසොෆ්ට් සමාගම ක්‍රියා කරනු ඇත.

    ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ජෝන් – ෆිලිප් කෝටිෂ් මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර සාකච්ඡාව ස්විට්සර්ලන්තයේ ඩවොස් නගරයේ දී පැවැත්වුණු අතරල එහිදී ශ්‍රී ලංකාවේ තාක්‍ෂණ අනාගතය සම්බන්ධව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

     

    තාක්‍ෂණයේ දියුණුවත් සමග පුරවැසියන් වෙත ඍජුවම තොරතුරු සංනිවේදනය කරලීමේ පහසුකම් ඇති වන බැවින්, ඒ පහසුකම් සමාජ ප්‍රගමනය සඳහා උපයෝගී කර ගත හැකි ආකාරයන් පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී සලකා බැලිණි.

     

    විශේෂයෙන්ම අධ්‍යාපනල මූල්‍ය හා සෞඛ්‍ය සේවාවන් විධිමත් හා ඵලදායී කරලීම සඳහා මේ සම්බන්ධතා භාවිත කළ හැකි බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

     

    මයික්‍රොසොෆ්ට් සමාගමේ නව තාක්‍ෂණ සොයා ගැනීම් නොමිළයේ ශ්‍රී ලංකාව වෙත ලබා දීමේ අවකාශයන් සම්බන්ධව වැඩිදුර කරුණු සොයා බැලීමට ද මෙහිදී එකඟත්වයකට එළැඹිණි.

     

    මේ අවස්ථාවට ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික්‍රම, මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් ආතාවුදහෙට්ටි යන මහත්වරු ද, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මෙනවිය ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya