මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක්

    ජනවාරි 24, 2016

    ශ්‍රී ලංකාවේදී විදේශිකයින් සඳහා සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු සහගත තත්ත්වය නිසා ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ සංයුතිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් සංශෝධනය කර ඇත.

     

    අදාළ විමර්ශන කටයුතු කඩිනමින් හා විධිමත්ව සිදු කිරීම සඳහා නව කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුවේ සභාපතිත්වයට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත් කර ඇත. සෙසු සාමාජිකයින් වශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංගල රසායනාගාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහල විශේෂඥ වෛද්‍ය වෛද්‍ය පරිපාලන වෛද්‍ය රාජප්‍රිය බාලසූරිය සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විමර්ශන රෝහණ සිල්වා යන මහත්ම මහත්මීහු පත් කර ඇත.

     

    වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් පිළිබඳව පසු ගිය සතියේ පැන නැඟුණ ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම කමිටුවට උපදෙස් දෙන ලදී.

     

    මේ අතර ශ්‍රී ලංකාවේදී විදේශිකයින් සඳහා සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නිසා එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙසත්ල එම විමර්ශන වාර්තාව අවශ්‍ය පියවර ගැනීම සඳහා ලබා දෙන ලෙසත් ඉල්ලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පොලිස්පතිතුමාට අද දින ලිපියක් යොමු කරන ලදීග අපරාධ විමර්ශන අංශය මගින් පවත්වන විමර්ශනයක් ඔස්සේ ලබා දෙනවාර්තාව අනුව ඉදිරි පියවර ගන්නා බව ද වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    CMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya