වකුගඩු රෝග නිවාරණ වැඩසටහනක අවශ්‍යතාවය, මාර්ග රථවාහන ක්‍රමවත් බව, නව පොලිස් ඒකක ගාල්ල දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත කිරීම සහ අත්පත් කරගනු ලබන ඉඩම් හි නිවාස යෝජනා කිහිපයක් ආරම්භ කිරීම ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාවට ඝෘජුව බලපාන කරුණු රැසක් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී සාකච්ඡාවට ලක් වී තිබේ.
විශ්‍රාමික ප්‍රජාව වෙත පාරිතෝෂික මුදල් ගෙවීමේ දී එකී නිලධාරියාගෙන් රජයට අයවිය යුතු මුදල් තිබේ නම්, ඒවා අයකර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ඇතුළත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2016 නිකුත් වී ඇති බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් එස්. එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
රණවිරු පවුල් සුභ සාධනය, ආර්ථික සාමාජීය ප්‍රවර්ධනය හා රට වෙනුවෙන් රණවිරුවන්ගේ දායකත්වය හා කැපවීම අගය කිරීම අරමුණුකොටගෙන විරුසර වරප්‍රසාද කාඩ්පත රණවිරු පවුල් වෙත ඊයේ (25) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ප්රදානය කෙරිණි.