අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අවකරණ ක්‍රම සරල කරයි

    ජනවාරි 26, 2016

    විශ්‍රාමික ප්‍රජාව වෙත පාරිතෝෂික මුදල් ගෙවීමේ දී එකී නිලධාරියාගෙන් රජයට අයවිය යුතු මුදල් තිබේ නම්, ඒවා අයකර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම සඳහා උපදෙස් ඇතුළත් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 01/2016 නිකුත් වී ඇති බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස්. එස්. හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

     

    විශ්‍රාමික ප්‍රජාව වෙත පාරිතෝෂික මුදල් ගෙවීමෙන් අනතුරුව රජයට අයවිය යුතු අවකරණ අදාල ආයතන වෙත ලැබීමේ ප්‍රමාදයන් පවතින බැවින් ‍මෙම නව ක්‍රම‍වේදය හඳුන්වා දී ති‍බේ.

     

    පැවති ක්‍රමය අනුව මධ්‍යම රජයේ සේවකයෙකු විශ්‍රාම ලැබීමේ දී ලබා දෙන පාරිතෝෂික මුදලෙන් රජයට අයවිය යුතු මුදල් අඩු කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් විශ්‍රාමිකයාගේ ගිණුමට බැර කිරීමත්, අවකරණය කරන ලද මුදල් වටිනාකමට අදාල ආයතනය වෙත ප්‍රතිපාදන වෙන් කිරීමත් සිදුවිය. එ‍සේ ප්‍රතිපාදන වෙන් කිරීම ලිපියක් මඟින් අදාල ආයතනය වෙත දැනුම් දෙන ලදි.

     

    එසේම පළාත් සභා ආයතනයන් හි රාජ්‍ය සේවකයකුගේ පාරිතෝෂිකයෙන් සිදු කරන ලද අයකිරීම් චෙක්පතක් මඟින් අදාල ආයතන වෙත යැවීමත් ඉතිරි මුදල විශ්‍රාමිකයාගේ ගිණුමට බැර කිරීමත් සිදු විය.

     

    එහෙත් නව ක්‍රමවේදයේ දී විශ්‍රාමික නිලධාරියාගෙන් රජයට අයවිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදන ලිපි නිකුත් නොකරන අතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් පළ කරන විශ්‍රාමිකයාගේ ලියාපදිංචි අංකය දැනුම් දීමේ ලිපියෙහි අදාල ප්‍රතිපාදන වෙන් කිරීමේ අනුමැතිය පළ කෙරේ. ඒ අනුව අදාල ආයතනය තමන් වෙත වෙන් කරන ලද ප්‍රතිපාදන මඟින් අදාල අවකරණ මාසික ගිණුම් සාරාංශයේ ගිණුම්ගත කර පියවා ගැනීම කළ යුතුය.

     

    පළාත් සභා ආයතනයන් හි සේවය කළ විශ්‍රාමික නිලධාරියෙකුගේ රජයට අයවීම් සම්බන්ධයෙන් නව ක්‍රමය අනුව චෙක්පත් නිකුත් නොකරන අතර අදාල අවකරණ සෘජුව ම අදාල ආයතනයේ නිල බැංකු ගිණුමට බැර කිරීම සිදු වේ. ඒ අනුව අදාල ආයතනයේ මාසික බැංකු ප්‍රකාශය පරීක්ෂා කර මුදල් බැර වීම තහවුරු කර අවකරණ පියවා ගැනීමට කටයුතු කළ යුතු ය. මෙකී අවකරණ බැර වීම සම්බන්ධයෙන් තොරතුරු අදාල විශ්‍රමිකයාගේ ලියාපදිංචි අංක දැනුම් දීම සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කරන ලිපියේ සඳහන් කරනු ලැබේ.

     

    සාමාන්‍යයෙන් මසකට විශ්‍රාම ලබන්නන් ප්‍රමාණය දෙදහසක් පමණ වන අතර මෙකී පුද්ගලයන්ගේ අයවීම් සම්බන්ධයෙන් සිදු කරන ක්‍රියාවලියේ දී රජයට අමතරව වැය වන සුවිශාල මුදලක් මේ මඟින් ඉතිරි කර ගත හැකි වනු ඇත. කඩදාසි, තැපැල් ගාස්තු, මුද්දර වියදම් මෙන්ම සේවක ශ්‍රමය හා කාලය ද මෙමඟින් ඉතිරි කර ගග හැකි බව අ‍පේක්ෂා ‍කෙ‍රේ.

     

    ‍මෙම නව ක්‍රමවේදය පිළිබඳ උක්ත චක්‍රලේඛය මඟින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් ‍කොට ති‍‍බෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස්. එස්. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් ක‍රන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya