අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොට්ඨාස ක්‍රමයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම සියලුදෙනාටම අභියෝගයක්

    ජනවාරි 25, 2016

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී කොට්ඨාස ක්‍රමයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම, මැතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනාටම අභියෝගයක් බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

     

    ඉදිරි පළාත් පාලන මැතිවරණය පවත් වන්නේ කොට්ඨාස ක්‍රමයටයි. එහි දී අදාළ කොට්ඨාසයේ ජනප්‍රියම පුද්ගලයා තේරීපත් වෙනවා. එය මැතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනාටම අභියෝගයක් යැයි ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල මහතා, පරිසර හා මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න මහතා, හා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරනාත් බස්නායක මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya