අතිගරු ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ දී චීන ජනාධිපති සී ජින් පින් මැතිතුමා සමඟ ඇතිකර ගත් ද්විපාර්ශවීය එකගතාව මත යෞවන හුවමාරු ප්‍රවර්ධන වැඩසටහන යටතේ චීන රජයේ ආරාධනයකට අනුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා චීනයේ නිල සංචාරය සඳහා පිටත්ව පසුගිය දා පිටව ගොස් තිබේ.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා හදපු ආණ්ඩුව, මුලික අරමුණු කීපයක් සඳහා හදපු ආණ්ඩුවක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර නගරය ආශ්රිත ප්‍රදේශ වලට පානීය ජලය ද විශාල ගැටළුවක් බවට පත්වෙමින් පවතින බැවින් කඩිනමින් ඒ සඳහා විසඳුම් ලබා දීමට විශේෂ සාකච්ඡාවක් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වා ඇත.
''සෙනඟ පෙන්නලා අපිව බය කරන්න බෑ. අපි ඕන තරම් සෙනඟ දැකලා තියනවා.'' අගමැති ජන්ම දිනය සමරා,අම්පාර යොවුන් සේනාංකයය අරඹමින් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.