රටේ වගකීම අපට ලැබුණේ කඩා වැටුණු ආර්ථික පරිසරයක් තුළයි. පාලකයන්ගේ සුබසිද්ධිය උදෙසා පසුගිය කාලයේ රටේ ආර්ථිකය මෙහෙය වීම සිදු කළා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (24)පර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
හම්බන්තොටප්රදේශයේ අක්කර 1000ක කර්මාන්ත ගම්මානයක් පිහිටු වීමට බලාපොරොත්තු වෙනවා යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
පසුගිය රජය ගත් ණය උගුලෙන් බේරීමට රජය නව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ශක්තිමත් ආර්ථියක් ඇති කරන්නට එකතු වී කටයුතු කළ යුතු යැයි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසී ය.