අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    මාර්තු 24, 2016

    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළේ ය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

     

    දීර්ග කාලයක් උත්සහ කළ, සිවිල් සමාජ, ජනමාධ්‍ය සංවිධාන, බලාපොරොත්තු වූ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ  රජයේ ප්‍රධාන ජනතා පොරොන්දුවක්  වූ යහපාලනයට බලපාන ඓතිහාසික පනතක් ඉදිරිපත් කිරීමට ලැබුණු බව ද අග්‍රාමාත්‍යතුමාගේ උපන් දිනය දා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ය.


    තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැළැසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන් පත් කිරීම සඳහා ද, තොරතුරු ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස වූ පනත් කෙටුම් පතකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya