නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන- ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වෙයි

    මාර්තු 27, 2016

    අතිගරු ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ දී චීන ජනාධිපති සී ජින් පින් මැතිතුමා සමඟ ඇතිකර ගත් ද්විපාර්ශවීය එකගතාව මත යෞවන හුවමාරු ප්‍රවර්ධන වැඩසටහන යටතේ චීන රජයේ ආරාධනයකට අනුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා චීනයේ නිල සංචාරය සඳහා පිටත්ව පසුගිය දා පිටව ගොස් තිබේ.

     

    ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍යවරයා චීන,ශ්‍රී ලංකා සම්බන්දතා ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයක නිරත විය.මෙහිදී ශ්‍රී ලංකාවේ
    චීන ආයෝජන පිළිබඳ වැඩි අවධානයක් යොමු කර තිබේ.

     

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජාතික යොවුන් සේනාංකය, ජාතික තරුණ සේවා සභාව, කුඩා ව්‍යාපාර සංවර්ධන ආයතනය, යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන්,යෞවන සමාජ සම්මේලනයේ සාමාජිකයින් ජාතික තරුණ ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්, යෞවන තිළින අධිකාරියේ  පදක්කම් ලාභීන්  සහ තරුණ වෘත්තීය වේදීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක් වී ඇත.

    චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මීට පෙරද  චීන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කිහිපයක නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya