අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප-ශ්‍රීලනිප එකතුවෙලා ආණ්ඩුවක් හදුවේ මුලික අරමුණු කීපයක් සඳහයි

    මාර්තු 27, 2016

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා හදපු ආණ්ඩුව, මුලික අරමුණු කීපයක් සඳහා හදපු ආණ්ඩුවක් බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

     

    මාරස්සන නගරයේ පසුගිය දා පැවැති ජන හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.


    මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍ර‍ධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත්වීමෙන් පසු අමාත්‍යවරයා, පළමුවරට හේවාහැට ජනහමු කීපයකට එදින සහභාගි වූ අතර එම ජන හමුවේදී ඇමතිවරයා මෙසේද පැවසීය.

     

    එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදාකාලිකව එකට සිටිය හැකි පක්ෂ දෙකක් නොවෙයි.එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවෙලා හදපු ආණ්ඩුව මුලික අරමුණු කීපයක් සඳහා හදපු ආණ්ඩුවක්.

     

    මේ පක්ෂ දෙකට සදාකාලිකව එකට ඉන්නත් බෑ.මේ පක්ෂ දෙක දෙපැත්තේ තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට ගුණදායකයි. එහෙම නැත්නම් ඒ වෙනුවට විකල්ප හැටියට පත්වෙන්නේ අන්ත ජාතිවාදී හා ත්‍ර‍ස්තවාදී කල්ලි ඒ නිසා රටට ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට අත්‍යවශ්‍ය කරුණක් .

    අපි අද එකට ඉන්නේ අලුත් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවකට යන්න, අපට විශාල කරදරයක්  වුන ජිනීවා ප්‍ර‍ශ්නය විසදන්න . දැන් ඒවා කෙරීගෙන යනවා. ඒ නිසා ඒවා කෙරීගෙන යන අතරේ මේ රටට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න අප සියළුදෙනා එකතු කරගෙන  පක්ෂය සැලසුම් සහගතව පක්ෂ බල මණ්ඩලයක් හදලා ඒක හරහා මෙහෙයවන්න
    අවශ්‍ය බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya