අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා දස ලක්ෂයට,යොවුන් සේනාංකයෙන් අඩිතාලමක්

    මාර්තු 27, 2016

    ''සෙනඟ පෙන්නලා අපිව බය කරන්න බෑ. අපි ඕන තරම් සෙනඟ දැකලා තියනවා.'' අගමැති ජන්ම දිනය සමරා,අම්පාර යොවුන් සේනාංකයය අරඹමින් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

     

    නව රජයේ රැකියා දස ලක්ෂය වැඩසටහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී ජාතික යොවුන් සේනාංක මගින් ලබා දෙන පුහුණුව සහ අත්දැකීම්, රැකියා සඳහා පිවිසීමේ දී මෙන්ම රැකියා තෝරා ගැනීමේ දී තරුණ තරුණියන් වෙත ශක්තිමත් අඩිතාලමක් වනු ඇතැයි, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පෙන්වා දුන්නේ ය.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දින සැමරුමට සමගාමීව අම්පාර උහන ප්‍රදේශයේ පැවති, ජාතික යොවුන් සේනාංකයේ අම්පාර පුහුණු මධ්‍යස්ථානය දියත් කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

     

    2016 වසර අවසන් වන විට අම්පාර දිස්ත්‍රික්කය තුළ මීට අමතරව තවත් මෙවැනිම යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන තුනක් අභිනවයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

     

    ඒ අනුව, දෙහිඅත්තකණ්ඩිය, තිරුක්කෝවිල් සහ අක්කරෙයිපත්තුව හෝ අඩ්ඩාලච්චේන යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන ඉදි කරමින්, ඒ හරහා තරුණ තරුණියන් දස දහසත් පහළොස් දහසත් අතර ප්‍රමාණයකට පුහුණුව සැලසීමට යෝජිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya