දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමට පවත්වන කොරියානු ප්‍රවීණතා විභාගය මේ වසරේ සිට නොපවත්වන බවත් එය ඔන්ලයින් ක්‍රමයට (online) පවත්වන බවත් කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ මෙරට අධ්යක්ෂ චෙංග්හෝ ජින් මහතා සඳහන් කළ බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන ව්‍යාපාරික ක්ෂේත්රයක් වන රූපලාවන්‍ය ක්ෂේත්රයේ නියුතුවූවන් වෙනුවෙන් අන්තර්ජාතිකව පවත්වනු ලබන කොණ්ඩා හා රූපලාවන්‍ය තරඟාවලියක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පවසයි.
දිවයිනේ බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ප්‍රවීන නර්තනවේදිනී, ඊෂානී රංගනාත් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.