උතුරු නැගෙනහිර පළාත් වල වැන්දඹු හා ගෘහ මුලික කාන්තාවන් උදෙසා ඔවුන්ගේ ජීවනෝපාය පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
පාකිස්ථානයේ ගාන්ධාර දේශයේ සිට ශ්‍රී ලංකාවට වැඩමකරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය අද (29) කුලියාපිටිය ශ්‍රීපති පිරිවෙනේ දී පැවැත්වෙයි.
කුවේටයේ රැකියා සඳහා ගිය කාන්තාවන් 102 දෙනෙකු යළි දිවයිනට ගෙන්වාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
නායයෑම් සහ ගංවතුර තත්වය හේතුවෙන් ක්‍රියාවට නංවා ඇති ආපදා කළමනාකරණ මධස්ථානයේ මෙහෙයුම් ඒකකයේ සහ නාවික හමුදා ආපදා කළමනාකරණ ඒකකයන්හි මෙහෙයුම් මැදිරිවල නිරීක්ෂණ චාරිකාවක අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිරතවිය.