අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුවේට් සිට රැකියාවට ගිය කාන්තාවන් 102 යළි දිවයිනට

    මැයි 29, 2016

    කුවේටයේ රැකියා සඳහා ගිය කාන්තාවන් 102 දෙනෙකු යළි දිවයිනට ගෙන්වාගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    මෙම පිරිස කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේපවත්වගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටි අය වෙති.

    එරට රැකියාවේ නිරතව සිටියදී, රැකියා ස්ථානයෙන් පලා ඒම,ත ගිවිසුම් කඩවීම,වැටුප් නොලැබීම,ආහාර ඇතුළු පහසුකම් නොලැබීම ආදි හේතු මත තානාපති කාර්යාලයේ රැකවරණය පතා පැමිණි පිරිස් වේ.

     

    මෙරට ඇතැම් රැකියා ජාවාරම්කරුවන් විසින්  කාන්තාවන් රැකියා සඳහා පිටත්කර,මාස 03කින් පමණ එම නිවසෙන් පලායන ලෙස උපදෙස් ලබාදුන් කාන්තාවන්ද මේ අතර සිටින බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

     

    ගෘහ සේවිකාවන් ලෙස පිටත්වීමට පෙර කොමිස් මුදල් ලබාදීමේ ක‍්‍රමය නිසා මෙම කාන්තාවන් උප ඒජන්තවරුන්ගේ වංචාවන්ට හසුවී මෙලෙස තම සේවා ස්ථානයෙන් පැන යන බවද වාර්තා වේ.

     

    කෙසේවුවද මෙය නීතිවිරෝධී වන අතර එය කුවේට් රටේ නීතිය අනුව දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් බවද කාර්යාංශය සඳහන් කරයි. දිවයිනට පැමිණි පිරිස අතර ලංකාවේ විවිධ ප‍්‍රදේශවල පදිංචි වූවෝ වෙති.

     

    ඔවුන්ගේ ගමන් වියදම් කාර්යාංශය මඟින් ගෙවා ඇත. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කුවේට් සුරක්‍ෂා නිවාසයේ සිට 630 දෙනෙකු ශ‍්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙන බවත් එසේම තවත් 60 දෙනෙකු සුරක්‍ෂා නිවාසයේ හා 132 දෙනෙකු කුවේටයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යශය යටතේ පවත්වාගෙන යනු ලබන සුභසාධන මධ්‍යස්ථානයේ රැඳී සිටින බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

     

    මෙම පිරිස කඩිනමින් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.අමාත්‍යවරිය  මීට පෙර කුවේට් රාජ්‍යයේ ක්ළ සංචාරයකදී සුරක්ෂා නිවාස වල රැදී සිටි පිරිස් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කර යළි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස ඔවුන් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya