අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයන්හි මෙහෙයුම් මැදිරි නිරීක්ෂණයක

    මැයි 29, 2016

    නායයෑම්  සහ  ගංවතුර තත්වය හේතුවෙන් ක්‍රියාවට නංවා ඇති ආපදා කළමනාකරණ මධස්ථානයේ මෙහෙයුම් ඒකකයේ සහ නාවික හමුදා ආපදා කළමනාකරණ ඒකකයන්හි මෙහෙයුම් මැදිරිවල නිරීක්ෂණ චාරිකාවක අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිරතවිය.

    මෙහිදී ආපදා කළමනාකරණ මධස්ථානයේ මෙහෙයුම් මැදිරියට පැමිණි අමාත්‍යවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු ආපදා කළමනාකරණ මෙහෙයුම් මැදිරියේ නිලධාරීන් සමඟ පවත්නා තත්වය පිළිබඳව සාකච්ඡාකොට ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද එම නිලධාරීන් දැනුවත් කර තිබේ.

     

    එමෙන්ම අමාත්‍යවරයා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ක්‍රියාත්මක කර තිබෙන ආපදා කළමනාකරණ මෙහෙයුම් මැදිරියේ කටයුතු සොයාබැලීමටද  පැමිණි අතර එහිදී නාවික හමුදාපතිවරයා ඇතුලු එම ඒකකයේ නිලධාරීන් සමග සාකච්ඡා කළේය.

     

    මේවනවිට ආපදා කළමනාකරණයට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගනු ලැබීමට නියමිත ක්‍රියාමාර්ග පිළිබදවද සාකච්ජා කරනු ලැබූ අමාත්‍යවරයා ආපදා කළමනාකරණයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවද එම නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya