අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්මානනීය සංගීත අධ්‍යක්ෂ, කථිකාචාරිනී ඊෂානී රංගනාත් දැයෙන් සමුගනියි

    මැයි 26, 2016

    කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කළ ප්‍රවීන නර්තනවේදිනී, ඊෂානී රංගනාත් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    මේ වනවිට වත්තල, සීවලී මාවතේ නිවසේ තැම්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

     

    කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙ හා කෑගල්ල ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හැදෑරු ඊෂානී රංගනාත් මහත්මිය  කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා ප්‍රථම පන්තියේ උපාධියද, පශ්චාත් උපාධියද හිමිකරගත්තාය.

    ශ්‍රී ලාංකික නර්තන ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් සිදුකළ කලාශූරී ජී. රංගනාත්  හා කමලා නයන රංගනාත්ගේ එකම දියණිය වූ ඊෂාණී රංගනාත් මහත්මිය ප්‍රවීන ටෙලිනාට්‍ය  අධ්‍යක්ෂක, මාධ්‍යවේදී මොහාන් ජී. රංගනාත් මහතාගේ එකම සොහොයුරිය වෙයි.


    යස ඉසුරු, හිරු දරුවෝ, ටින් පැටව්, අසනි වැසි වැනි ජනප්‍රිය ටෙලිනාට්‍යවලට දායකවෙමින් හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ටෙලිනාට්‍ය තේමා ගීතය සඳහා අවස්ථා ගණනාවකදී සම්මානයට පාත්‍ර විය.


    නර්තන විෂය හා සංගීත විෂය පිළිබඳව විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ට දැනුම හා අත්දැකීම් ලබාදෙමින් කලා ක්ෂේත්‍රයේ නොමියෙන නමක් රදවා තබා ගැනීමට ඊෂානී රංගනාත් මහත්මිය සමත් වූවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya