ඒ හරහා මෙරටට ඩොලර් බිලියන පහක ආදායක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද පැවසීය. ජනාධිපතිතුමා විසින් පසුගිය නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද විවාදයට එක්වෙමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතාමේ බව පැවසීය.
අපේ රටේ පිහිටීම, ස්වභාවික සම්පත් සහ සංස්කෘතික උරුමයන් උපයෝගී කර ගනිමින් මෙරටට ඔබින සංචාරක නිෂ්පාදන දියුණු කිරීමට සහ එම සංචාරක නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ තුල ප්‍රවර්ධනය කිරීමට පසුගිය පාලනය අසමත් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
බංකොලොත් වූ ආර්ථිකය නැවත ගොඩ ගැනීමේ වැඩපිළිවෙළේ දී සංචාරක ක්ෂේත්‍රයට සුවිශේෂ තැනක් හිමි වන බවත්, ඉදිරියේදී පිටිසර පළාත්වල සිටින කර්මාන්තකරුවන් / නිර්මාණශිල්පීන් මෙම කර්මාන්තය සමග සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පෙන ඒ සඳහා Nation Branding campaign නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වේ.
එමගින් 2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යව මිලියන 05 දක්වා වැඩිකර ගැනීමටත්, එමගින් ඩොලර් බිලියන 10ක ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමටත් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.