සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල්වල විදුලි බිල අඩු කිරීමට වහල මත සෝලර් පවර් ව්‍යාපෘතියක්

    අගෝස්තු 06, 2024

    පාසල්වල විදුලි බිල අඩු කර ගැනීම සඳහා වහල මත සෝලර් පවර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත් ප්‍රධාන පාසල් ආශ්‍රිතව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  අද (06) පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

     

     

    රට පුරා ජල පහසුකම් නොමැති පාසල් 48 ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇති බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 9ක් හඳුනාගෙන ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේය. 

    විදුලිය පහසුකම් නොමැති පාසල්වල දරුවන් සිටිනුයේ  40, 50ක් බවත් ඒවා ප්‍රාථමික පාසල් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ප්‍රාථමික පංතිවලින් පසුව ඉහළ පංතිවලට පැමිණෙන විට විදුලිබලය පාසල්වලට අවශ්‍ය වන අතර පරීක්ෂණ වැනි දේ කිරීමට විදුලිය අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya