සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි වාරි ව්‍යාප්තිය ගිං නිල්වලා වාරි ව්‍යාපෘතියයි

    අගෝස්තු 06, 2024

    ඉදිරියේදී  ක්‍රියාත්මක  කරන පළමු විශාලම වාරි ව්‍යාප්තිය වශයෙන් ගිං නිල්වලා ව්‍යාපෘතියට මුදල් ලබා දෙන බවට එකඟතාවය තිබෙන බවත්,  ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති වාර්තා මේ වන විට සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ  බව පැවසීය.

     

    නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය  පිළිබඳව නිර්දේශ සහ වාර්තා  ලබා දීම සඳහා විශ්ව විද්‍යාල 03ක කණ්ඩායම්  මැදිහත් කරගෙන ඇතැයිද  මහින්ද අමරවීර මහතා  වැඩිදුරටත් පැවසීය.

     

    මෙම ගැටළුව විසඳීම සඳහා ගොවි ජනතාවගේ කැමැත්ත අනුව යෝජන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මෙහි ඉඩම් රජයට පවරා ගැනීමක් කිසිසේත්ම සිදු නොවේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට රජය ක්‍රියා කර ඇතැයි ඇතැමුන් ප්‍රකාශ කිරීම අසත්‍යයකි.  රජයේ සැම විටම කෘෂිකර්මාන්තය ඉහල නැංවීමට පියවර ගෙන ඇත. තරුණයින් කෘෂිකර්මාන්තයට යොමුකරවීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවද කීය.

     

    නිල්වලා ග‍‍ඟ ආශ්‍රිතව ඉදිකර ඇති ලවණ බාධකය සම්බන්ධයෙන් පත්කළ  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇති වූ එකඟත්වයන් මත රජය ඒ සඳහා අවතීර්ණ වී ඇති බවත්  හෙතෙම ප්‍රකාශ කළේය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

     මාත්‍යංශය සහ රජය මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වී තිබෙනවා.කෙටි කාළීන, මධ්‍ය කාළීන සහ දිගු කාලීන යෝජනා සකස් වී තිබෙනවා.  පීඩාවට පත් වන ජනතාව පිළිබඳව රජයට මනා අවබෝධයක් තිබෙනවා.

     

    ගාල්ල මාතර  දිස්ත්‍රික්ක වල ඇති වෙන ගං වතුර, නිසා ඇති වන වැඩිපුර වතුර ටික  වියළි ප්‍රෙද්ශයක් වන  හම්බන්තොට ප්‍රදේශයට ගෙනයන්න හැකි වුණා නම් මේ ගැටලුවට විසඳුමක් ලැබෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya