ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි
  • SocialShare:

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට පැමිණි Destroyer වර්ගයට අයත් ‘INS Rana’ නෞකාව, දිගින් මීටර් 147 ක් හා නැව් මුළුව 300 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් KP Sreesan කටයුතු කරනු ලබයි.

‘INS Rana’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව, දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන පුහුණු හා ක්‍රීඩා වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත. එමෙන්ම, ශ්‍රී ලංකා හමුදා පුද්ගලයන් වෙනුවෙන් ‘INS Rana’ නෞකාව තුල යෝගා වැඩසටහනක් පැවැත්වීමටත්, ත්‍රීකුණාමලය විශේෂ යාත්‍රා බළඝණ මූලස්ථානයේ සහ නෞකාව තුල පුහුණු වැඩසටහන් පැවැත්වීමටත් නියමිතව ඇත.

තවද, ‘INS Rana’ නෞකාව 2025 අගෝස්තු මස 14 වැනි දින නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.