ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ
  • SocialShare:

ගම්පහ , අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන කුමයෙහි නිට්ටඹුව සිට මිනුවනගොඩ දක්වා ඇති සම්ප්‍රේෂණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් අගෝස්තු මස 14 වැනි දින පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය10ක කාලයක් රණ්පොකුණගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවලට ජලසැපයුම අත්හිටුවන බව නිවේදනයක් නිකුත් කරමින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ් අනුව නිට්ටඹුව , කන්දහේන, මාපගොල්ල , කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත , කෝලවත්ත , ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනාා ක්‍රමය , බටලීය, අත්තනගල්ල , පස්යාල,ඌරාපොල,දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන , හග්ගල්ල , ඇලවල, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.
මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ එම මණ්ලඩය කණගාටුව පළ කෙරෙන අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දේ.