ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෘත්තිකයින් සඳහා උසස් වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වාදීම, ප්‍රවර්ධනය කිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය” පිහිටුවීම සඳහා වන නව පනත් කෙටුම්පත රජයේ නිල ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් අනුව පසුගියදා(05) මෙම සුවිශේෂී ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත මඟින් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ වගකීම් නීතිමය රාමුවක් තුළ විධිමත් කිරීම මෙන්ම එයට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික විධිවිධාන සැලසීම අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය ශක්තිමත් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ව්‍යුහයක් බිහිකිරීම අරමුණු කරගත් මෙම වරලත් ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


