කොළඹ නගරය වඩාත් පිරිසිදු හා හරිත පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් “අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” පිරිසිදු කිරීමේ හා රුක් රෝපණ ව්යාපෘතිය අද (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්රයේදී පැවැත්විණි.
සමාජවාදී රටවලින් උපාධි ලැබූ ශ්රී ලාංකිකයින්ගේ සංගමය, ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය, ශ්රී ලංකාවේ රුසියානු භූගෝලීය සංගමයේ මධ්යස්ථානය, කොළඹ රුසියානු සංස්කෘතික මධ්යස්ථානය, කොළඹ මහ නගර සභාව සහ ගුඩ් මාර්කට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා ඇතුළු දෙරටේ නිලධාරීන්, පරිසරවේදීන් සහ ස්වේච්ඡා සේවකයින් පිරිසක් එක්වූහ.


